Tuesday, July 3, 2007

පර්යේෂණය | The Research

පළමුවන සියවසේ සිරිලක රජකම් කළ වළගම්බා රජතුමා පිළිබඳ අපට අසන්නට ලැබෙන්නේ, මෙරට රජකළ අනෙකුත් රජවරුන් ගැන අසන්නට ඇතිවාට වඩා වෙනස් වූත් - අපූර්ව වූත් - විශ්මයජනක වූත් කතා සමූහයකි. එයට අමතරව, ශ්‍රී ලංකාවේ කුමන ප්‍රදේශයකට ගියද, වළගම්බා රජතුමන් විසින් කරවන ලදැයි කියැවෙන පන්සලක් සොයාගත නොහැකි නම්, ඔබ සිටින්නේ ශ්‍රී ලංකාවේමදැයි විපරම් කර බලන්නේ නම් මැනවි.

එතුමාගේ විශ්ම කර්ම ක්‍රියාකාරකම් මෙතැකැයි කියා එක්කාසු කිරීමට මා ගන්නා උත්සාහයක පළමු පියවරයි මේ.


මේ දැක්වෙන්නේ අනුරාධපුරයේ පිහිටා ඇති එතුමන් විසින් කරවන ලද "අභයගිරි" මහා දාගැබයි. සොළීන් මෙරටින් පලවාහැර දෙවැනිවරටත් රජවීමෙන් අනතුරුව ඉදිකරන ලද මෙම දාගැබ වටාද අපූරු කතන්දර රැසක් බිහිවී ඇත. ඒවාද එකින් එක ගෙන මෙහි අන්තර්ගත කර අවසනෙයේදී (හැකිතාක් දුරට) පරිපූර්ණවූ වෙබ් අඩවියක් වළගම්බා රජතුමා පිළිබඳ කිරීම මෙහි අවසාන අභිප්‍රාය වේ.

ප්‍රේක්ෂක ප්‍රතිචාර (Comments) නිරතුරුව බලාපොරොත්තු වෙමි. වළගම්බා රජතුමා කරවන ලදැයි කියැවෙන ඔබ දන්නා පන්සල් පිළිබඳ තොරතුරු වෙතොත් srishanu2@gmail විලිපිනයට එවන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔබගේ නමද සහිතව ඒවා මෙහි පළ කෙරෙනු ඇත.

මූලික අදියර වශයෙන් පොත පත ඇසුරින් හා පහසු මාර්ග ඔස්සේ තොරතුරු එක්රැස් කිරීමට බලාපොරොත්තවන අතර, සැළකිය යුතු මට්ටමකට පැමිණි පසු, ක්ෂේත්‍ර සංචාර කිරීමෙන්ද තොරතුරු එක්රැස් කිරීමට බපාපොරොත්තු වෙමි.

6 comments:

Danishka said...

සුබපැතුම්....

ඩනිෂ්ක

MPP Gunasinghe said...

ඉතා ප්‍රයොජනවත් උත්සාහයකි.ඒත් පර්යේෂණ තොරතුරු අඩංගු බ්ලොග් සටහන් ලිවීම අතරමග නැවතුනාද යන කණගාටුව ඇතිවේ. ඩනිෂ්ක සේම සුබපතමි.ඉදිරියට කාගේත් දැයකත්වයෙන් හරවත් සංවාදයක් ගොඩ නැගේවායි පතමි

MPP Gunasinghe said...

ඉතා ප්‍රයොජනවත් උත්සාහයකි.ඒත් පර්යේෂණ තොරතුරු අඩංගු බ්ලොග් සටහන් ලිවීම අතරමග නැවතුනාද යන කණගාටුව ඇතිවේ. ඩනිෂ්ක සේම සුබපතමි.ඉදිරියට කාගේත් දැයකත්වයෙන් හරවත් සංවාදයක් ගොඩ නැගේවායි පතමි

Prabath said...

obata suba pathum.walagamba rajathuma karavana lada rathnapura pothgul viharaya gana sanvadayak godanagima vatina yojanavak bava prakasa karami.

ෆැන්ටසි said...

මෙම ලිපි සංග්‍රහය දිගටම පවත්වාගෙන යන ලෙස අයදිමි....

Unknown said...
This comment has been removed by the author.