Thursday, December 6, 2007

වළගම්බා රජුගේ පියා

නිසි තොරතුරක් සොයාගැනීමට තරම් යෙදවීමට කාලයක් පසුගිය මාස කීපය තුළ නොවූයෙන් මෙම කාර්යය මදකට කල්මැරිණි. නමුත් හදිසියේම එක් පොතක් සටහන් දැක මෙහි ලිවීමට යමක් සොයා ගතිමි.

මීට පෙර ඇති ලිපියේ නිවැරදි කිරීමක් ලෙස දැක්වූ වළගම්බා රජුගේ පියා පිළිබඳ තොරතුර නිවැරදිවම දැනගත හැකිවිය.

වළගම්බා නමින් රජවී ඇත්තේ සද්ධාතිස්ස රජතුමාගේ බාල පුත්‍රයාය. නමුත් ඔහුගේත් පියාගේත් රාජ්‍ය කාල අතර ලජ්ජිතිස්ස සහ ඛල්ලාඨනාග යන රජවරුන් රට පාලනය කර ඇත.


කෙසේ නමුත් මෙම රාජවලිය මහාවංශය‍ට අනුව සඳහන් වූවකි. මේ පිළිබඳ වැඩි දුර තොරතුරු නුදුරේදීම මෙිහ ලියැවෙනු ඇත.

මෙමගින් "අප දන්නා කෙටි සටහන්" ලිපිය, එක් කාරණයක් හැර (වළගම්බා රජුගේ පුත්‍රයා මහසෙන් රජු බව), තව දුරටත් වලංගුවනු ඇත.